My Blog List

Thursday, May 16, 2019

වීදි දියණිගේ වැළපුම



කොටු පවුරේ ඔබ්බෙන් සිට
එබිකම් කරනා පුන්සද
සෞම්‍ය සද රැසින් ලොවම
එළිය කරන බව සැබෑය
නමුත් පවුර යට පෙදෙසට
මද එළියකි අදුර ඉසින

පවුරේ උඩ මාලිගාවෙ
දහසක් රට පුරා මිදුල්
හද මාමා පෙන්න පෙන්න
අඩන බබුන් කර පින්නන
බත් කවන්න මව්වරු
කෑ මොර හඩ දෙනවා
"හද මාමා බිමට ඇවිත්
කිරියි පැණියි ගෙනත් දේවි"

පවුර අසල කටු යහනක
වීදි මවක් කුලියට ගෙන
මාම කෙනෙක් සුර ලෝකෙට
යන්න හදනවා
වීදි දියණි මව ඉල්ලා
කෑ මොර දෙනවා...

හද මාමා සෞම්‍ය ලෙස
නෙත් කාන්ති හෙලා සිටියි
වීදි දියණිගේ වැළපුම
නිහඩ අදුර තුළ කිමිදෙයි.

2 comments: